පසුගිය ජනවාරි මස ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමි ට විහාරස්ථානය තුලදී වෙඩිතබා ඝාතනය කිරිමේ සිදුවීමට අදාල සැකකරු අත්අඩංගුවේ සිට පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සඟවා ඇති බව කියන අවි ආයුධ සොයාගැනීමට නිලධාරීන් සමග ගොස් ඇති අතර ඔහු පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට සිදු වූ බව පොලිසිය පවසයි.

අදාල හිමිනම ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවා ලෙස සැළකෙන 32 හැවිරිදි මෙම සැකකරු මොණරාගල, හම්බේගම ප්‍රදේශයේදී ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් අනතුරුව ඔහුගේ ප්‍රකාශ මත මෙම ප්‍රදේශයට ඔහු රැගෙන විත් ඇත.

මේ වන විටදී, මෙම ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් හත්දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *