Post Views: 194 ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි. මෙතෙක් අපේ රටේ කාන්තා දින සැමරුම් උත්සවවලදී සිදු වූයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතා කර විසිර යාම පමණක් වුවත්, කාන්තා අයිතිවාසිකම් කතාවට පමණක් සීමා නොකළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය නීති සහ අණ පනත් ගෙන ඒමේ කටයුතු රජය මේ වන විට සිදු කරමින් සිටින බවද කියා සිටියේය. 2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය “ඇයට ශක්තිය- දැයට ප්‍රගතිය” තේමාව යටතේ පැවැත්වුණු අතර දිවයින පුරා කාන්තා සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. Post navigation Press Club Event – “The India Story: Reform|Perform|Transform” මැරතන් තරඟයට සහභාගි වූ සිසුවෙකු මියයාම නිසා රෝහලට පහර දුන් මිනිස්සු.