ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් පවත්වනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස ගුවන් හමුදා ඉතිහාසයට එක් කරමින්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලියේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨමාලාවලට අදාළව කැඩෙට් නිලධාරී නිලධාරිණියන් 16 දෙනෙකු, අංක 65 සහ 66 කැඩෙට් නිලධාරි පාඨමාලාවේ නිලධාරීන් 36 දෙනෙකු සහ අංක 17 හා 18 කැඩෙට් නිලධාරීනි පාඨමාලාවේ නිලධාරිනියන් 5 දෙනෙකු ද, ඇමරිකා එක්සත් ජනපද කැඩෙට් නිලධාරියකු ද අධිකාරියට පත් කිරීම ඊයේ (29) සිදු කෙරුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ දී පැවති මෙම අධිකාරියට පත් කිරිමේ උත්සවයේදී පුහුණුවීමේදී ඉහලම දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරීන් 05 දෙනෙක් හා එක් කැඩෙට් නිලධාරිනියකට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

විසිරයාමේ පෙළපාලියට අභිමානවත් බවක් එක් කරමින් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විචිත්‍රවත් සංදර්ශනයක් ඉදිරිපත් කරනු ලැබූ අතර ලකඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ රටා මවමින් රාත්‍රි පැරෂුට් සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති කොමදෝරු තුෂාර වීරරත්න යන මහත්වරු ඇතුළු හමුදා ප්‍රධානීහු සහ ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *