වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2015 වසරේ දී බාර දෙන ලද අලියා නැවත වරක් උසාවියෙන් එතුමන්ට ලබාදී ඇතැයි වනජීවි රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතා පැවසීය.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණයෙන් බවත් නම් කළ පුද්ගලයන්ට අලි ලබා දෙන්නැයි කිසිවිට ඉල්ලීමක් නොකළ බවත් ඇමැතිවරයා කියයි.

කෙසේ වෙතත් ‘චරක’ නම් එම හස්තියා ජනාධිපතිවරයාගේ මිරිහාන ගෙදරට ගෙන නොගිය බවත් දෙනියායේ පන්සලකට එම හස්තියා රැගෙන ගොස් ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2015 වසරේ අලි පැටවුන් දෙදෙනෙකු පින්නවල අලි අනාථාගාරයට භාර දුන් බවත් එම පැටවුන් වයස අවුරුදු නවය සහ තුන වයස් වූ දෙදෙනකු බවත් එවකට රජයේ සංචාරක නියෝජ්‍ය අමාත්‍යව සිටි වසන්ත සේනානායක මහතා පැවසීය.

(https://www.sundaytimes.lk/150201/news/gota-gives-elephants-to-pinnawela-133198.html)


එම පැටවුන් දෙදෙනා පින්නවලට භාර දුන්නේ රාජපක්ෂ මහතාට ඔවුන් නඩත්තු කිරීමට සම්පත් නොමැති නිසාවෙන් බවත් එම පැටවුන් රැක බලා ගැනීම සඳහා කොන්දේසි සහිත එකඟතාවක් මත 2009 වසරේදී වැඩිමහල් පැටවාත් අනතුරුව දෙවන අලි පැටවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් “සන්නස” (නියෝගය) තුළින් තෑග්ගක් ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත (එවකට ආරක්ෂක ලේකම්) ලබා දුන් බවත් වාර්තා වන බව සේනානායක මහතා පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *