අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ විසින් රචිත තරු යතුර කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී සිදුකෙරුනි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

පොතේ හැදින්වීම සිදුකල හෙළ හවුලේ නායක ශ්‍රීනාත් ගනේවත්ත ශූරීන් සදහන් කලේ, තරු යතුරෙන් නව මානයකට මෙරට කවීත්වයේ දොරටුව විවරකල බවයි.

“තිසර තුඩග මගේ තෙලිතුඩ
රළු ගල් මත හිලෑ වුව
හිත හීලෑ නැති ගීයකි
කැටපත් පවුරේ”

මහා­චාර්ය පාතේ­ගම ඤාණී­ස්සර හිමි, ගත්ක­තු­වර කේ. එම්. අයි. ස්වර්ණ­සිංහ, අමා­ත්‍යංශ අති­රේක ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු, පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය ගාමිණී රණ­සිංහ, සාහි­ත්‍ය­වේදී සුනිල් සරත් පෙරේරා මහත්ම මහ­ත්මීන් විසින් කව්‍ය සංග්‍රහයේ කවි පංති උපුටමින් හරබර දෙසුම් සිදුකරන ලදී.

උත්සව සභාව වෙත චමත්කාර ජනක ආශ්වාදයක් එක්කරමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි මහත්මිය අලංකාර නර්ථනාංගයන් සිදුකරන ලද මෙහි සභාව මෙහෙයවීම, චරිත ධනං­ජය, ලංකා පෙරේරා, චරිත් කිරි­ඇල්ල සහ සඳ­දෙ­ව්මිණි ලිය­නගේ සභාව විසින් සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *