වැල්ලේ සාරංගගේ මස්සිනා වූ මස් ව්‍යාපාරිකයෙකු පසුගියදා වෙඩිතබා ඝාතනය කල සිදුවීමේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා සුරියවැව ආඩිගම වැව අසල වාඩියක සැගවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අළුයම එම ස්ථානය වටලා ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් නිලධාරීන් දෙසට වෙඩි ප්‍ර‍හාරයක් එල්ල කර ඇත. එම අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුණු අදාල සැකකරු සුරියවැව රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව ජිවිතක්ෂයට පත් වී ඇත.

නුවන් නම් මෙම සැකකරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබලෙකු සේවය කර මෙම වසරේ ජනවාරි මස විශ්‍රාම ලබා ඇති බවත් ඔහු දකුණු කනුමුල්දෙනිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 වන පුද්ගලයකු බවත් සදහන් වේ.

මෙම සැකකරුට එරෙහිව,
2023.08.28 වන දින, වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩිතැබීම,
2023.06.17 වන මීටියාගොඩ පොලිස් වසමේ සීනිගම දේවාලය අසලදී විදුර නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මස්සිනා වන දුලාජ් යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරිම,
මහාබගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම,
යන සිදුවිම් වලදී වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධව චෝදනා එල්ලව ඇත.

මෙම සිදුවීමේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා ඇති අතර එම නිලධාරියා සුරියවැව රෝහලට ඇතුලත් කර ඇත. සැකකරු සන්තකයේ තිබූ රිවෝල්වර වර්ගයේ ගිණි අවියක් සහ යතුරු පැදියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *