ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ලබාදෙන ලදී.

තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් මහතා 1971 ජූලි මස 03 දින උපත ලබා ඇති අතර කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීමෙන් අනතුරුව 1998.02.23 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන ලදී.

ඉන් අනතුරුව, 2006 වර්ෂයේදි පොලිස් අධිකාරි තනතුරටද, 2011 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2015 වර්ෂයේදි නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්විම් ලබා ඇත. අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වී 2020.01.01 දිනට එම තනතුරේ ස්ථිර පත්විම් ලැබූ අතර, 2019.12.05 දින සිට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන ලදී. නව පොලිස්පති ලෙස පත්වීම ලබන විටදී 2023.11.29 දින සිට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කලේද තෙන්නකෝන් මහතායි.

වැඩබලන පොලිස්පති ලෙස ඒ මහතා විසින් ඇරඹූ “යුක්තිය” මෙහෙයුම මගින් මෙරට මත්ද්‍රව්‍ය තුරන්කරලීමේ වැඩසටහනක් ද රටට හදුන්වා දෙමින් මේ වන විටත් එය ක්‍රියාත්මකව පවතී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *