Post Views: 266 කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර විතානච්චි මහතාව අද (26) උදෑසන නාදුනන පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර ඇත. ඇල්පිටිය, පතිරාජ මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ සිට සිය දරුවා පාසලට ඇරළවීම පිණිස අද උදෑසන පිටත්වීමට සූදානම් වන මොහොතේ දී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් ඒ මහතාට වෙඩි තබා ඇති බව වාර්තාවන අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ රොෂන් කුමාර මහතා එම ස්ථානයේදීම ජීවිතක්ෂ්‍යට පත්ව ඇති බවයි සදහන් වන්නේ. රෝෂන් කුමාර මහතා කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභිකයකුද වේ. වයස අවුරුදු පනස් එකක් වන කුමාර මහතා පසුගිය වකවානුව පුරාවට ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු කරන ලද සෞඛ්‍ය වැටලීම් ගණනාවක මූලිකත්වය ගෙන කටයුතු කළ නිලධාරියකු වන අතර සිය රාජකාරිය නිසි පරිදිඉටු කරනු ලබන අයකු ලෙසටත් ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතව ඇත. Post navigation නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීම, ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර. දේශබන්දු තෙන්නකෝන් මහතා මෙරට 36 වන පොලිස්පති ලෙස පත් කෙරේ.