Post Views: 199 රට අර්බුදයකට පත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඇතිවූ ජනතා නැගී සිටීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ද, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස දිගටම රැඳී සිටි සුගීෂ්වර බණ්ඩාර තම තනතුරේ රැදී සිටිමින්ම පසුගිය කාලසීමාවේ දේශපාලන පක්ෂයක් අරඹා රටවටාම එහි සංවිධාන කටයුතු සිදු කරන ලදී. එහි කූඨප්‍රාප්තිය එළඹෙන 24 දින කොළඹ හයිඩ් පිටියේ පවත්වන මහා ජනරැළියකින් දියත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කෙරෙමින් පවතින අතර ඒ සමගම සුගීෂ්වර බණ්ඩාර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වූ බවත් ප්‍රකාශ කර තිබේ. මේ වන විටදී රාජපක්ෂ පාලනය මෙන්ම පොහොට්ටු දේශපාලනය මෙරට ජනතාව අතර අප්‍රසාදයට ලක්වීම තුල රාජපක්ෂ පාලනයේ වරදාන වරප්‍රසාද ලබාගත් බොහෝ කල්ලි කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ අරඹමින් තමන් නවගමනක් යන බව ජනතාවට ඒත්තු ගන්වා එළඹෙන මැතිවරණයකදී යලිත් එකම කණ්ඩායමක් බලයට පත්කරගැනීමේ දේශපාලන උපක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් සුගීෂ්වරගේ දේශපාලන ඇරඹුමත් එවැනි දේශපාලන උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ද යන ගැටළුව මතුවන බව දේශපාලන විශ්ලේශකයන් මත පලකර සිටී. විශේෂයෙන්ම මේ වනවිටදී නව දේශපාලන ප්‍රවාහයන් වල පවතින පොදු ලක්ෂණයක් වන රාජපක්ෂවරු පට්ට ගැසීම මෙරට සුපුරුදු දේශපාලන විජ්ජාවක් බව පෙන්වා දෙන දේශපාලක විශ්ලේෂකයන් සදහන් කරනුයේ සුගීෂ්වරගේ දේශපාලන රැස්වීමේ සියළු සංවිධාන කටයුතු ප්‍රබල රාජපක්ෂ හිතවාදියෙකු වූ නිමල් ලන්සා විසින් ඉටු කිරීමත් සැකයට තුඩු දෙන්නක් බවත් සදහන් කරයි. Post navigation අයිතිකරුවන් නැති සුප්‍රකට මල්වානේ නිවස හා ඉඩමට වෙන්න යන දේ යුක්තිය මෙහෙයුමෙන් රුපියල් බිලියන 7.8 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනී.