ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ට වැඩිකළ රුපියල් අටදහසක මාසික දීමනාව ලබන මස සිට ගෙවීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කළේය.

රුපියල් පන්දහසක් වන මෙම දීමනාව රුපියල් තුන් දහසකින් වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළ බවත් ඒ අනුව නව දීමනා මුදල වන රුපියල් අටදහසක මුදල ලබන මස සිට ගෙවනු ලබන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක සිසුන් වෙත මෙම දීමනාව හිමි ගැන්වෙයි.

අධ්‍යාපන ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම දීමනාව සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *