මීගමුව‍, පිටිපන ලෙල්ලමේ අයිතිය තමන් වෙත පවරා දෙන ලෙස ඉල්ලමින් එම ලෙල්ලමේ රැකියාවේ නිරත ධීවරයන් පිරිසක් අද (19) කොළඹ අගරදගුරු නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාවයට පෙර ධීවරයන් විසින් ශුද්ධෝත්ම පාප් තුමන්ගේ ශ්‍රී ලංකාවේ නියෝජිත හිමියන් වෙත ලෙල්ලම සම්බන්ධව කතෝලික සභාව සමගම ඇතිව තිබෙන ගැටලුව පිළිබඳ සංදේශයක් ද භාර දෙන ලදී.

පිටිපන ධීවර ලෙල්ලමේ අයිතිය කොළඹ අගරදගුරු පදවියට ලබා දෙන ඉල්ලා අධිකරණයේ නඩු පවරා ඇත්තේ 2008 වසරේදී ය. එම නඩුවට අදාලව මීගමුවේ ලෙල්ලම පරිපාලනයට භාරකාරයෙක් පත්කරන්නැයි අධිකරණයෙන් පසුගිය දා (02) නියෝගයක් නිකුත් කරන ලදී.

කොළඹ අගරදගුරු හිමි විසින් මීගමුව, පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපති, එන්. අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ලේකම්, ජේ එඩිසන් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරික, ඒ. ජේ නිශාන්ත ප්‍රනාන්දු යන අයට එරෙහිව පවරා තිබූ නඩුවට අදාලව එකී අතුරු තහනම් නියෝගය ලබා දී තිබුනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *