ගුරු උසස්වීම් වලට අදාල කාර්ය සාධන වැඩසටහනකට සහභාගීවූ ගුරුවරියක් සාරියකින් සැරසී නොපැමිණී නිසාවෙන් එම වැඩසටහන පැවති මධ්‍යස්ථානයට ඇතුළුවීමට නොදී හරවා යැවීමේ පුවතක් කඩුගන්නාව ගිරාගම ගුරු විද්‍යාලයෙන් වාර්තාවේ.

මෙම සිදුවීමට මුහුණ දුන් ගුරුවරිය කඩුගන්නාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත්තේ, ගුරුවරුන්ගේ උසස්වීම් සඳහා වන කාර්ය සාධන කඩයිම් වැඩසටහනකට සහභාගී වීමට තමන් කඩුගන්නාව ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල (module) මධ්‍යස්ථානයට ඊයේ (18) දින ගිය බවත් එම අවස්ථාවේදී තමන් සාරියකින් සැරසී නොපැමිණීම මත තමන්ව මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් එලවා දැමූ බව‍යි.

එම අවස්ථාවේ තමන් ඩෙනිමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී සිටි බවත් අදාල ගුරුවරිය සදහන් කර සිටී.

පොලීසීය මැදිහත්ව දෙපාර්ශ්වයට කරුණු පහදා දීමට කටයුතු කර සිදුවීම සමතයකට පත් කිරීමට උත්සහාකලත්, එය ප්‍රතික්ෂේප කළ ගුරුවරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් නීතිමය ක්‍රියාමාඅර්ග ගන්නා බව සදහන් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *