ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය ගාමිණි තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිණි සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 100 වන සක්වළ වැඩසටහන ඊයේ (16) බොරලැස්ගමුව මහ විද්‍යාලයේ දී පැවැත්වුනු අතරතුරදී ඔවුන් මෙසේ සමගි ජන බලවේගය හා එක්ව ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව පාසල් වල අධ්‍යාපනය නගාසිටුවීමට දායකත්වය ලබාදෙන “සක්වල” වැඩසටහනේ 100 වන අවස්ථාව යටතේ බොරලැස්ගමුව මහ විද්‍යාලය සදහා රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම සිදු කෙරුණු අතර එම අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි තිලකසිරි මහතා සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ගාමිණි සිල්වා මහතා මෙසේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහාය දැක්වීම සඳහා එක්විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *