මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලකට අද (12) අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු එහි අයකැමිවරියට වෙඩිතබා මුදල් කොල්ලකා පලාගොස් ඇත.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැල්වල දෛනික වෙලදාම අවසන් වන මොහොතේ යතුරු පැදියකින් වෙළදසල ඉදිරිපිටටම පැමිනි පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම කොල්ලය සිදුකර ඇත.

එම අවස්ථාවේ වෙළෙඳසල තුළ මුදල් අයකැමි ලෙස සිටි 23 හැවිරිදි තරුණියගේ උදරයට වෙඩි උණ්ඩ 3ක් වැදී තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර කොල්ලකරුවන් වෙළෙඳසැලේ ලාච්චුව තුළ තිබූ මුදල් කොල්ල කා යන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබිණි.

කොල්ලකරුවන් වෙළෙඳසැලේ එක් ලාච්චුවක තිබූ මුදල් කොල්ලකා ඇති අතර, යතුරු ලා තිබු ලාච්චුවේ මුදල් ලබාගැනීමට යතුර ඉල්ලා අදාළ තරුණියට වෙඩි තබා ඇත.

වෙඩි තැබීම සිදුවු වෙළෙඳසැල අසල මාර්ගයෙන් ඉදිරිපස ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළ ද පිහිටා ඇති නමුත් මෙම වෙළද සල මෙයට පෙර වතාවක්ද මෙසේ කොල්ලකා තිබු බව එහි වෙළෙදුන් පවසයි.

කොල්ලකන ලද මුදල මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබු තරුණිය මේ වනවිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *