රජයේ රෝහලක ශල්‍යාගාරයක් භාවිතා කරමින් තමන්ගේ විවාහයට පෙර රූගත කිරීමක් ( වෙඩිං ප්‍රී ශූට් ) සිදුකල වෛද්‍යවරයෙකු සේවයෙන් පහකිරීමට සෞඛ්‍ය ඇමති පියවර ගනී.

ඉංදියාවේ කර්නාටක ප්‍රාන්තයේ චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ භාරමසාගර් හි රජයේ රෝහලක වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන අභිෂේක් නම් වෛද්‍යවරයා විසින් ඔහුගේ විවාහ ගිවිස ගැනීමට අදාලව වෙඩිං ප්‍රී ශූට් එක එම රෝහලේ ශල්‍යගාරයක රෝගියෙකුට ‘ශල්‍යකර්මයක්’ කරන ආකාරය විදහා දැක්වෙන වීඩීයෝවක් රූගත කර ඇත. මෙම රංගන ශල්‍යකර්මය සදහා ශල්‍ය ඇඳුමෙන් සැරසී සිටින වෛද්‍ය අභිෂේක් හට ශල්‍ය ඇඳුම් වලින් සැරසී සිටින ඔහුගේ පෙම්වතිය සහාය ලබාදෙන ආකාරයත් නිරූපනය කරමින් අදාල රූගත කිරීම සිදුකර ඇති අතර ඔවුන් සමඟ කැමරා ශිල්පීන් කිහිප දෙනෙකු සහ විදුලි ආලෝක ශිල්පීන් ද සිටිති. රූගත කිරීම අවසන් කරන විට, ‘ඔපරේෂන්’ කළ රෝගියා, වෛද්‍යවරුන් සහ කැමරා කණ්ඩායම ඇතුළු සියල්ලන්ම සිනාසෙමින් සිටිනු දැකිය හැකිය.

මෙම වීඩීයෝව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත වීමත් සමගම කර්නාටක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රෝහල් බලධාරීන්ගෙන් මේසම්බන්ධයෙන් විමසීමක් කල විට ඔවුන් සදහන් කර ඇත්තේ භාවිතයට නොගත් ශල්‍යාගාරයක් තුළ අදාල රූගත කිරීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සැලකිල්ලට ගනිමින් කර්නාටක සෞඛ්‍ය අමාත්‍ය දිනේෂ් ගුන්ඩු රාඕ විසින් අදාල වෛද්‍යවරයා සේවයෙන් පහ කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කල කර්නාටක සෞඛ්‍ය ඇමති සදහන් කලේ, “රජයේ රෝහල් තිබෙන්නේ මහජනතාවට සේවය කිරීම සඳහා මිස පුද්ගලික කටයුතු සඳහා නොවන බවත් එවැනි වෛද්‍ය සේවා සඳහා රජයෙන් ලබා දෙන පහසුකම් සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය සේවාව සඳහා බව දැනගෙන තම යුතුකම ඉටු කිරීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවත් ය.”

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *