Post Views: 317 ලෝකයේ රටවල් දිනෙන් දින දියුණුවෙලා තියන්නෙ තාක්ෂණයත් සමග ඔවුන්ගේ සමස්ත ක්‍රියාදාමයම යාවත්කාලීන කිරීම නිසා බව කවුරුත් දන්න දෙයක්. අද වෙනකොට ලංකාවෙ අපිට මැජික් එකක් උනාට දියුණු රටවල මිනිස්සුන්ට තමන්ගෙ දෛනික ජීවිතයෙ බොහෝ කටයුතු මාර්ගගතව සිදුකරගන්න පුළුවන්. ලංකාවෙ තවමත් මේ දේවල් නිසි විදියට කරගන්න බැරිවීමට හේතු කිහිපයක් බලපාලා තියනවා.තාක්ෂණය නිසි ලෙස උගත් විශේෂඥයින් රාජ්‍ය ආයතනවල නොමැතිවීම (බොහෝ තැන්වල ඉන්නෙ සහතික පමණක් තියන උගත්තු)තාක්ෂණය උපරිමව භාවිතා කිරීමේදී අල්ලස දූෂණය සිදුකිරීමේ අපහසුතාවය. (බැරිකමක් නැහැ හැබැයි දැන් වගේ හැමෝටම කරන්න බැහැ)මොනතරම් කයිවාරු ගැහැව්වත් රටේ බහුතර ජනතාව තවමත් තාක්ෂණය සමග එතරම් බද්ධව නොසිටීම.ඉහල තාක්ෂණය සදහා අවශ්‍ය මූල්‍ය පිරිවැය දැරීමට රාජ්‍ය ආයතන වලට ඇති නොහැකියාව. (උවමනාව නොමැතිකමත් මෙයට බලපානවා) මෙන්න මේ ප්‍රධාන හේතු නිසා වගේම මාර්ග ගත ක්‍රමවේද මගින් දැනටමත් ක්‍රියාත්මක වැඩසටහන් වල දක්නට ලැබෙන දුර්වලතාවයන් හා ප්‍රමාදයන් නිසා ජනතාව ලංකාවේ රාජ්‍ය ආයතන වල ආරම්භකරන මාර්ගගත ක්‍රමවේද පිළිබදව විශ්වාස නොකිරීම.මේකට හොදම උදාහරණය තමයි ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ඇති මාර්ග ගත ක්‍රමවේදයේ ඇති දුර්වලතාවය. මේ ක්‍රමවේදයේ මාර්ගගතව ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කරන යම් අයෙකුට හදිසි සේවය යටතේ ඇගිලි සටහන් ලබාගෙන දින තුනකින් ගමන් බලපත්‍රය නිකුත්කරන බවත් සාමන්‍ය සේවය යටතේ එය දින 30 කින් නිකුත් කරන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සදහන්ව ඇත.එය එසේ සදහන්ව තිබුනද සාමන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ඉල්ලුම් කල අපේක්ෂකයන් විශාල ගණනක් දින 45 සිට 70 දක්වා වූ කාලසීමාවක් සිය ගමන්බලපත්‍රය ලබාගැනීමට නොහැකිව සිටින අතරම වඩාත්ම හාස්‍යජනක කරුණ නම් මේ සම්බන්ධයෙන් විමසීමක් කිරීමට තිබෙන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දුරකථන අංකවලට ගන්නා ඇමතුම් වලට පිලිතුරු දීමටවත් කිසිවෙක් නොමැතිවීමයි. මේ තත්වය සම්බන්ධයෙන් විමසීමක් කිරීමට අංක XXXXX65665 දරන ආගමන හා විගමන පාලක ජනරාල් ගේ ජංගම දුරකථනය වෙත ගන්නා ඇමතුමකට ඔහු පවා පිලිතුරු දීමට කටයුතු නොකිරීමෙන් අදාල රාජ්‍ය ආයතනයේ තත්වය ගැන අවබෝධකරගත හැකිය. මෙය මෙම ආයතනයට පමණක් සීමාවූවක් නොවේ. මෙරට බොහෝ රාජ්‍ය ආයතනවල තත්වය මෙසේ බව දන්නා පොදු මහජනතාව තම අපහසුතා ගැන නොසිතා අදාල රාජ්‍ය ආයතන වෙතම පැමිණ තම කටයුතු ඉටු කර ගැනීමට යාම නිසා අනවශ්‍ය ලෙස මෙරට මුදල් විදේශයන්ට ගලායාම සිදුවන බව අප සැම තේරුම් ගත යුතුය. එය සිදුවන්නේ මෙ ආකාරයටයි.මාර්ගගත ක්‍රමය නොමැතිවිට රටේ ජනතාව තම කාලය හා මුදල් වැයකරගෙන අදාල රාජ්‍ය ආයතනය වෙත පුද්ගලිකව පැමිණිය යුතුවේ. එවිට ඔහු හෝ ඇය ඒ වෙනුවෙන් පැමිණීමට භාවිතාකරන රථය සදහා යන වියදම වක්‍රාකාරයෙන් ගලායන්නේ විදේශයන්ටයි. එය පොදු ප්‍රවාහන සේවාවක් වුවත් වෙනසක් නොමැත. අති විශාල ජනතාවක් නගරය වෙත ඇදී ඒම මගින් ඇතිවන මාර්ග තදබදය නිසා වැයවන ඉන්ධන මුදල් අවසානයේ නතර වනුයේ විදේශයක නොවේද ? අද අප රට මෙවන් තත්වයකට පත්ව ඇත්තේ දේශපාලකයන් නිසාම නොව, මහජන මුදලින් අධ්‍යාපනය ලබා තනතුරු ලබාගත් දා සිට තම පුද්ගලික වාසි ප්‍රයෝජන ගැන පමණක්ම සිතන රාජ්‍ය නිළධාරී පැලන්තියද නිසාම බව ජනතාව අවබෝධකරගත යුතුය. Post navigation සජබ ට කොකා පෙන්නන ෆොන්සේකාගේ අළුත් පිම්ම. කාන්තාවකට වෙඩිතබා මීගොඩ ආර්ථිකයේ වෙලද සැලක් මංකොල්ලකයි. (වීඩීයෝ)