Post Views: 194 සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ දිනවල සජබ නායකයාගේ යම් යම් ක්‍රියාකාරකම් විවේචනය කිරීම පසුපස යම් පිල් මාරුවක ඉගි පලව ඇති බව වාර්තාවේ. මෙහි අළුත්ම සිදුවීම නම් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා සමග රහස් සාකච්ඡාවක් පැවත්වීමයි. ඊයේ (07) පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් අතර මෙම හමුව සිදුව ඇත්තේ පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී ය. පැයක පමණ කාලයක් දෙදෙනා අතර සිදුවූ මෙම සාකච්ඡාව සදහා වෙනත් කිසිවකු සහභාගි වී නොතිබුණු අතර සාකච්ඡාවට බදුන් වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු හෙලිදරව්වක්ද නොවීය. සමගි ජන බලවේගය විසින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගීවීම වර්ජනය කල නමුත් සරත් ෆොන්සේකා මහතා ඇතුළු සජබ මංත්‍රීවරු කිහිපදෙනෙකු එය නොසලකා සභාව තුල රැදීසිටිනු දක්නට ලැබුනි. Post navigation “ජනතාව උදෙසා වන මැතිවරණය වෙනුවෙන් සිවිල් සමාජයේ කාර්යභාරය” විද්වත් සංවාදයක් කොළඹ පදනම් ආයතනයේදී. ලංකාව ඩිජිටල්කරණය (digitalized) කරන්න පුලුවන්ද ?