Post Views: 316 “ජනතාව උදෙසා වන මැතිවරණය වෙනුවෙන් සිවිල් සමාජයේ කාර්යභාරය” යන තේමාවෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (06) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුනි. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම විද්වත් සාකච්ඡාව සඳහා සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (transparency international sri lanka) ආයතනයේ විධායක අධ්‍යක්ෂ නදීෂානි පෙරේරා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ මැතිවරණ පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම හී කැඳවුම්කරු කනකා අබේගුණවර්ධන සහභාගී වූ අතර සංවාදය මෙහෙයවීම විමර්ශනාත්මක වාර්තා කරන මධ්‍යස්ථානය හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂ දිල්රුක්ෂි හඳුන්නෙත්ති විසින් සිදුකරන ලදී. මෙම වසරේදී පැවැත්වෙනු ඇති බවට සැලකිය හැකි මැතිවරණවලදී ජනතාවට තීරණාත්මක දේශපාලන තීන්දු ගැනීමට සිදුවන බවත් ඒ සදහා නිසි දැනුවත්භාවයකින් යුක්තව සිටිය යුතු බවටත් සදහන් කරමින් සාකච්ඡාවට ආරම්භයක් ගත් දිල්රුක්ෂි හදුන්නෙත්ති මහත්මිය ජනතාව දේශපාලන වශයෙන් දැනුවත්වීමේ වැදගත්කම සම්බන්ධයෙන් පලමුව අදහස් දැක්වීමට සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතාට අවස්ථාව ලබාදෙන ලදී. එහිදි වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා සදහන් කලේ මැතිවරණ ක්‍රියාදාමය තුල සමානත්වය හා සාදාරණත්වය අඛන්ඩව පැවතිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව ද විමසිලිමත්විය යුතු බවත් ය. මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ නදීෂානි පෙරේරා, මෙරට දේශපාලකයින් වගවීම හා වගකීම පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවත් ජනතාව විසින් ඒ සම්බන්ධව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකරනු ද දක්නට නොලැබෙන බවත්ය. ජනතා නියෝජිතයන් ලෙස පත්කර යවන දේශපාලකයින් සිය කාර්යභාරය ඉටු කරලීම පසෙක තබා තම සුඛවිහරණයට කටයුතු කිරීම නවතාලීමට නම් ජනතාව වඩ වඩාත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් කළ යුතු බව පෙන්වා දෙනු ලැබීය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆරල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කලේ, ජනතාව කුමන හෝ මැතිවරණයකදී සිය නියෝජිතයන් තෝරාපත් කරගත යුත්තේ ඔවුන් මළගෙවල්, මගුල් ගෙවල් වලට ඒම මත හෝ ගමක පාරක් හැදීම මත නොවිය යුතු බවත් ය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරාගැනීමේදී ඔවුන් ජනතාවගේ අභිලාශයන් ඉටුකිරීමට හැකියාව ඇති සංවේදනයක් සහිත පුද්ගලයන් වීම වැදගත් බවත් එයට උගත්කම එකම හෝ ප්‍රධාන සාධකය නොවිය යුතු බවත් සදහන් කල හෙට්ටිආරච්චි මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සිටින විශාල පිරිසක් වසර ගණනාවක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය කල තැනැත්තන් වුවත් රටට අවශ්‍ය නිසි මෙහෙයවීමක් ඔවුන්ගෙන් ලැබී නොමැති බවත් පෙන්වා දුනි. එමෙන්ම, පසුගිය අරගල කාලයේදී සිය දේපළ විනාශ වූ බව සඳහන් කරමින් කුරුණෑගල ප්‍රදේශයේ එක් දේශපාලනඥයෙක් වත්කම් ස්ථාන නවයකට ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති බවත් සදහන් කල පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා, අදාළ දේශපාලනඥයා විසින් එම සියළු දේපල වත්කම් බැරකම් ප්‍රකාශවල ඉදිරිපත් කර තිබුනේද යන්න සොයාබැලීම වැදගත් බවත් පෙන්වාදුනි.එමෙන්ම, හම්බන්තොට ප්‍රදේශයේ තවත් දේශපාලනඥයෙක් තමුන්ගේ දේපල ස්ථාන හයක් විනාශ වූ බව සඳහන් කරමින් ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන් අතර මහජන නියෝජිතයින් මෙ ආකාරයෙන් අතිවිශාල ලෙස මුදල්, දේපල උපයා ගැනීම සම්බන්ධයෙන් ජනතාව මීට වඩා අවදියෙන් සිටිය යුතු බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන ලදී. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ අධ්‍යයන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්, මාධ්‍යවේදීන්, රාජ්‍ය නිළධාරීන් විද්වතුන් හා ජනතා නියෝජිතයන් සහභාගී වූ මෙම විද්වත් සාකච්ඡාව අවසානයේදී සහභාගීවූ පිරිසට සිය ප්‍රශ්ණ ඇසීමට ද අවස්ථාව ලබාදෙන ලදී. එම අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කලේ මෙවැනි දැනුවත් කිරීම සමාජයේ පහලම ස්ථර දක්වා රැගෙන යා යුතු බවයි. Post navigation 2024 වසරේ එක ශ්‍රේණියට යන පොලීස් නිළධාරීන්ගේ දරුවන්ට පොත්පත් සදහා මූල්‍ය සහන සජබ ට කොකා පෙන්නන ෆොන්සේකාගේ අළුත් පිම්ම.