2024 වර්ෂයේ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කළ දිවයින පුරා රාජකාරි ඉටුකරනු ලබන සියළුම නිළවලට අයත් පොලිස් නිළධාරීන් සහ සිවිල් සේවක මහත්ම මහත්මියන් ගේ දරුවන් සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබාගැනීම සදහා අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මේ යටතේ වෙත ඔවුන්ගේ පොලිස් නිළධාරීන් 4547 දෙනෙකු සහ සිවිල් කාර්ය මණ්ඩල නිලධාරීන් 148 දෙනෙකුගේ දූ දරුවන් සදහා සපත්තු සහ පාසල් උපකරණ ලබාගැනීමට එක් දරුවෙකු වෙනුවෙන් රැපියල් 5,000 ක් බැගින් රුපියල් දෙකෝටි තිස්එක් ලක්ෂයක මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් කටයුතු කර ඇත.

මෙම මූල්‍ය සහන දීමනාව ලබාදීමේ වැඩසටහන සංකේතවත් කරමින් නුගේගොඩ සහ ගල්කිස්ස කොට්ඨාස වල පොලිස් නිළධාරීන් 64 දෙනෙකු සහ සිවිල් කාර්ය මණ්ඩලයට අයත් නිළධාරීන් 02 දෙනෙකුගේ දූ දරුවන් 66 දෙනෙකුට රුපියල් 5000 ක් වටිනාකමකින් යුත් වව්චර්පත් ලබාදීම වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් හෝටල් පරීශ්‍රයේදී ඊයේ (03) දින සිදු කෙරුණි.

එක්වන්න අපගේ සමාජ ජාලා සමග

වට්ස් ඇප්/WhatsApp
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

ෆේස් බුක්/facebook
https://facebook.com/smn24news

යූ ටියුබ්/youtube
www.youtube.com/@smn24

වෙබ්/web
www.smn24.lk

ටෙලිග්‍රෑම්/Telegram
t.me/ LDVNftqjNP1hM2Zl

ට්විටර්/Twitter (X)
twitter.com/smn24lk

බ්ලොග්/Blogger
smn24news.blogspot.com

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *