Post Views: 209 76 වන නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවන තායිලන්තයේ අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා අද (03) දහවල් මෙරටට පැමිණි අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තායි අගමැතිවරයා පිළිගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත රැගෙන යන ලදී. එහිදී හමුදා උත්තමාචාර හා කාලතුවක්කු සම්මාන මුර පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඉදිරිපිටදී ද්විපාර්ශවීක ගිවිසුම් අත්සන් කිරීම සිදු විය. මෙහිදී, භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, රේගු ක්‍රියා පටිපාටිය සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් වැනි විවිධ අංශ ආවරණය වන පරිදි සාකච්ඡා පවත්වමින් වෙළඳපොල අවස්ථා පුළුල් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුනි. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබන ලදී. Post navigation රක්ෂිත බන්ධනාගාර ගතකල කෙහෙළිය බන්ධනාගාර රෝහලට. 2024 වසරේ එක ශ්‍රේණියට යන පොලීස් නිළධාරීන්ගේ දරුවන්ට පොත්පත් සදහා මූල්‍ය සහන