Post Views: 234 ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) අත්අඩංගුවට ගත් අතර අද (03) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් ඔහුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එම අවස්ථාවේදී, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත. මේ අතර අමාත්‍ය කෙහෙළියට එරෙහිව සමගි ජන බලවේගය විසින් යලිත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව සමගි ජන බලවේගය සදහන් කරයි. මෙයට පෙර අවස්ථාවකදීද සජබ විසින් අමාත්‍ය කෙහෙළියට විරුද්ධව විස්වාසභංගයක් ඉදිරිපත් කලද එය පරාජයට පත්විය. එක්වන්න අපගේ වට්ස් ඇප් ගෲපය සමගJoin SMN24Media WhatsApp grouphttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ලක්ෂ 2000 බැගින් ලබා දී සංවර්ධන වැඩසටහන් සිදුකරන බව මංත්‍රී ජගත් කුමාර කියයි. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කෙරේ.