දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ලක්ෂ 2000 බැගින් වන පරිදි රටපුරාම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන වැඩ සටහන් රජය මගින් මේ වනවිට ක්‍රියාත්මක කරන බවත් ඒ යටතේ වැඩිහිටි සංවිධාන, ක්‍රීඩා සංවිධාන, ගොවි සංවිධාන සහ තරුණ සංවිධාන ආදී වශයෙන් ගම්වල තිබෙන සෑම පොදු සංවිධාන සංගම් ආවරණය කෙරෙන පරිදි ඒවායේ අවශ්‍යතා සම්පූර්ණ කරන බවත් පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කලේ අද (30) පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් වල සිදුකල යුතු සංවර්ධන කටයුතු සදහා වන යෝජනා ලබා ගැනීමට උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරයේදි මහජනතාව හමුවූ අවස්ථාවේදීයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මංත්‍රීවරයා, පසුගිය කාල සීමාවතුල රටේ ඇතිවූ ආර්ථික තත්වය තුල රජය බලාපොරොත්තු වූ සංවර්ධන කටයුතු සිදුකරගත නොහැකිවූ නමුත් දැන් යම් පමණකට රට ස්ථාවර තත්වයක ඇති නිසා ඉදිරියේදී ඔබේ ප්‍රදේශයේ සිදුකරන වැඩසටහන් සදහා ජනතාවගේ අදහස් ලබාගෙන එම කටයුතු සිදුකිරීම කරන බවත් පැවසීය.

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *