Post Views: 307 මෙරට හිටපු යුධ හමුදාපතිවරයෙකු මෙන්ම වරාය අධිකාරියේ සභාපති ඇතුළු රජයේ විවිධ තනතුරු රාශියක් හෙඹවු විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක ඊයේ (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. අනතුරුව විපක්ෂ නායකවරයා විසින් විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට කටයුතු කරන ලදී. විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරය දරත්දී වරාය අධිකාරියේ සභාපති ලෙස පත්වීම් ලද අතර අනතුරුව කර්මාන්ත අමාත්‍යාශයේ ලේකම් ලෙසත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධූරයත් දැරූ අතර මළල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙසත් කටයුතු කර ඇත.වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්වූ අවස්ථාවේදී කර්මාන්ත අමාත්‍යාශයේ ලේකම් ලෙස පත්වීම් ලැබුවද පසුව වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව දයා රත්නායක මහතා කිසිදු තනතුරක් නොලැබ සිටින ලදී. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වරක් දයා රත්නායක මහතාව ආරක්ෂක ලේකම් ලෙස පත්කිරීමට උත්සහාකලත් එවකට ඔහුගේ රජයෙන් එයට විරෝධය පලවූයේ ඒ වනවිට දයා රත්නායක මහතා පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමක් තිබූ බැවිනි.එක්වන්න අපගේ වට්ස් ඇප් ගෲපය සමගJoin SMN24Media WhatsApp grouphttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation රාජ්‍ය ඇමතිගේ අනීතික රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල ප්‍රාදේශීය ලේකම්ට මාරුවීමක් ! Job opportunities are in Japan for 10,000 individuals who pass the Language Proficiency Test.State Minister of Social Empowerment Anupa Pasqual says.