Post Views: 694 පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (එන්ඩීසීපී) පැවැත්වූ ජාතික ආරක්ෂක පරිපාලන ශාස්ත්‍රපති උපාධි පාඨමාලා අංක 56 (එම්එන්එස්ඒ) හැදැරූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ලංකා අමරපාල මහතා එකී පාඨමාලාවේ ‘හොඳම නිබන්ධනය’ වෙනුවෙන් රන් පදක්කම ද ‘අධ්‍යයන විශිෂ්ටතාවය’ සඳහා පිරිනමන ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වී ඇත. 2020 ඔක්තෝම්බර් මස 08 දින ආරම්භවූ මෙම පාඨමාලාව පිලිපීන හමුදාවේ සිසුන් 39 ,පිලිපීන ගුවන් හමුදාවේ 9, පිලිපීන නාවික හමුදාවෙන් 9, කාර්මික හා පරිපාලන සේවාවන්ගෙන් 3 , විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන්, අධිකරණ දෙපාර්තමේන්තුවෙන් හා නාගරීක දෙපාර්තමේන්තුවෙන් 1 අයෙකු බැගින්ද , පෞද්ගලික අංශයෙන් 3 ක්, බංග්ලාදේශ හමුදාවෙන් 1 ක්, පකිස්ථානු ගුවන් හමුදාවෙන් 1 ක් සහ ශ්‍රී ලංකා හමුදාවෙන් 1 අයෙකු බැගින් සිසුන් 69 දෙනෙකුගෙන් සමන්විත විය. 21 වැනි සියවසේ ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂක ගැටලු සහ විදේශ ප්‍රතිපත්ති ගැටලු පිළිබඳව පූර්ණ දැනුමක් ඇති නව ආරක්‍ෂක විශ්ලේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විද්වතුන් බිහිකිරීම එම්එන්එස්ඒ වැඩසටහනේ ප්‍රධාන මෙහෙවර බව පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (එන්ඩීසීපී) සභාපති, බ්‍රිගේඩියර් ජෙනරල් (විශ්‍රාමික)ආචාර්ය ආකිමිඩෙස් එච් වියාජේ මහතා පවසන ලදී. මෙම පාඨමාලාවේදී අධ්‍යයන විශිෂ්ටතාවය සඳහා පදක්කමක් මෙන්ම කාණ්ඩ දෙකක් යටතේ පදක්කම් දෙකක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික නිලධාරියා ලෙස බ්‍රිගේඩියර් ලංකා අමරපාල මහතා වාර්ථා වන අතර මෙම ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ තවත් ජාත්‍යන්තර සිසුන් 83 ක් සඳහා 2021 සැප්තැම්බර් 17 දින පිලිපීනයේ ක්වසන් නගරයේ පිහිටි ජෙනරාල් එමිලියෝ ඇගුවිනල්ඩෝ කඳවුරේදී උපාධි ප්‍රධානෝත්සවය පවත්වන ලදී. බ්‍රිගේඩියර් අමරපාල මහතා 2015 වසරේදි එක්සත් ජාතීන්ගේ මෙහෙවර යටතේ දකුණු සුඩානයේ ප්‍රාන්තයක උප ජ්‍යෙෂ්ඨ හමුදා සම්බන්ධතා නිලධාරියෙකු ලෙස රාජකාරි ඉටුකරමින් සිටියදී එම මෙහෙයුමේ සියලුම මාණ්ඩලික නිලධාරීන් අතරින් කෙන්යාවේ නයිරෝබි හි පිහිටි ජාත්‍යන්තර සාම සහයෝගීතා පුහුණු මධ්‍යස්ථානයේ සංවාද,සාකච්ඡා හා සමථ පාඨමාලාව හැදෑරීමට ඔහු තෝරාගත් අතර අයිපීඑස්ටීසී වෙත ගොස් පාඨමාලාවක් හැදෑරූ පළමු ශ්‍රී ලාංකිකයා බවටද පත්විය. බ්‍රිගේඩියර් අමරපාල මහතා 593 හා 122 බළසේනාවන්හී බළසේනාධිපති ලෙසද කටයුතු කර ඇති අතර ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක ලෙසද කටයුතු කර ඇති ඉංජිනේරු රෙජිමේන්තුවේ කීර්තිමත් නිළධාරියෙකි. Post navigation එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සැසිවාරය අද ආරම්භ කෙරේ. තායිවාන් විලාසිතා සම්මානය 2021 (TFDA) හි ප්‍රථම ස්ථානය රුවන්ති පවිත්‍රා ගජධීර දිනා ගනී.