Post Views: 527 අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අයථා ලෙස පරිහරණය කළ රාජ්‍ය දේපලක් සම්බන්ධව නිසි නීතිමය ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට ගිය උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත ස්ථාන මාරු කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් විසින් උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරිය වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර ඇත්තේ පෙරේදා (26) දිනයේ සිටය. උඩපලාත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අංගමන බටහිර ග්‍රාම නිලධාරී වසමේ රදාව වත්තේ හෙක්ටයාර 0.3283 ක් පමණ වූ රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කල හිටපු අගමැති දී.මූ. ජයරත්නගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න විසින් ලිඛිතව දන්වා තිබිණි. රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනතේ 3 වන වගන්තියට අනුව අදාල නිසි බලධාරියා ලෙස තමන්ට ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරිය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම දේපල අතහැර යන ලෙස නිවේදනය කරන්නේ පසුගිය 12 වැනිදා එම සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් එහි අදාල ලිඛිත නිවේදනය අලවමිනි. ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ගත් මෙම තීන්දුවත් සමග ඇයට රාජ්‍ය නිලධාරීන්ගෙන් ද බලපෑම් එල්ල විය. කෙසේ වෙතත්, එම නිවේදනය අලවා සති දෙකක් ඉක්ම යන දිනයේ දේශපාලන බලයට යටත් වූ රාජ්‍ය නිලධාරීන් විසින් ඇයව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ධූරයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා ඇත.එක්වන්න අපගේ වට්ස් ඇප් ගෲපය සමගJoin SMN24Media WhatsApp grouphttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6oFacebookhttps://facebook.com/smn24news Post navigation ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ හිටපු ජනපති මෛත්‍රී අතර විශේෂ හමුවක්. ගෝඨාභය, මහින්ද ලග සිට රජයේ තනතුරු හෙඹවූ ජෙනරල් දයා රත්නායක සජිත් සමග එක්වෙයි.