Post Views: 266 ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (26) හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි. දැනට මෙරට පවතින දේශපාලන තත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන තත්වය පිළිබඳවත් රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳවත් එහිදි සාකච්ඡා කෙරි ඇත. ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක රුසියාව ලබාදුන් සහය පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් රුසියානු තානාපතිතුමාට ස්තුතිය පළ කරන සදහන් කල මෛත්‍රීපාල මහතා රුසියානු රාජ්‍යයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් පැවසීය. මෙහිදී රුසියානූ තානාපතිවරයා සඳහන් කළේ ලබන පෙබරවාරි මාසය වනවිට ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට රුසියාව පත්වනු ඇති බවයි. Post navigation මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට 1927 ක්ෂණික දුරකථන අංකය හදුන්වාදෙයි. රාජ්‍ය ඇමතිගේ අනීතික රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල ප්‍රාදේශීය ලේකම්ට මාරුවීමක් !