Post Views: 431 විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකාය විසින් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට අවශ්‍ය සහාය ලබාගැනීම සදහා ගාස්තු රහිත විශේෂ දුරකථන අංකයක් හදුන්වා දීම හා ඒ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම අද (26) කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්වුනි. විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතීඥ ශාඛ්‍ය නානායක්කාර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ප්‍රජා පාදක විශෝධන කොමසාරිස් නීතිඥ දිලාන් ගුණරත්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ නියෝජිතයෙකු සහභාගී විය. මෙම කාර්ය සාධක බලකාය මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ අමාත්‍යාංශ 11 ක හා දෙපාර්තමේන්තු 14 ක සාමාජිකත්වයෙන් ස්ථාපිත කර ඇති අතර විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායක ඖෂධ රටතුලට ගෙන ඒම හා පැතිරීම පාලනය කිරීම, භාවිතය සදහා යොමුවීම වැලක්වීම සහ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර රටේ අභිවෘද්ධිය සදහා දායක කර ගනිමින් සමාජ ආර්ථික සුරක්ෂිතතාවය උදාකිරීම මූලිකම අරමුණ ලෙසට කටයුතු කරන බව කාර්ය සාධක බලකායේ සභාපති නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පැවසීය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතීඥ ශාඛ්‍ය නානායක්කාර මහතා අදහස් දක්වමින් සදහන් කලේ,මෙම ක්ෂණික දුරකථන අංකය මගින් ඕනෑම අයෙකුට සිය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට අවශ්‍ය සහාය ලබාගත හැකි බවයි. අංක 1927 මගින් ඕනෑම දුරකථනයකින් මෙම සේවය ලබාගත හැකි බවත් සදහන් කල නානායක්කාර මහතා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වඩාත් පුළුල් ලෙස ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් පැවසීය. ප්‍රජා පාදක විශෝධන කොමසාරිස් නීතිඥ දිලාන් ගුණරත්න මහතා අදහස් දක්වමින්, බන්ධනාගාර ගතවීමකින් තොරව යම් වරදකින් හෝ ඇබ්බැහියකින් මිදීමට අවශ්‍ය සියළු සහාය ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව හරහා ලබාදෙනු ලබන බවත් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සිටින ප්‍රජා විශෝධන නිළධාරීන් හරහා ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීමේ සහාය ලබාගත හැකි බවත් පැවසීය. “මත්ද්‍රව්‍ය නැවැත්වීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන අය සඳහා 1927 අංකය ඔබ වෙනුවෙන් විවෘතයි” Post navigation ජනපති විසින් පාර්ලිමේන්තු වාර අවසාන කෙරේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ හිටපු ජනපති මෛත්‍රී අතර විශේෂ හමුවක්.