අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බව ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මඟින් දක්වා තිබේ.

පාර්ලිමේන්තු වාර අවසන් කිරීම නිසා දැනට ක‍්‍රියාත්මක කාරක සභා 50 කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී යයි.

එක්වන්න අපගේ වට්ස් ඇප් ගෲපය සමග
Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *