(By Kamal Siriwardana) අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වීමෙන් ඒ මහතා දැරූ පුත්තලම් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංත්‍රී ආසනය හිස්විය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5 ක් හිමිවූ අතර ඉන් පළමු තැන දැරුවේ මනාප 80082 ලබාගත් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතායි. ඉතිරි ආසන 4 සදහා පිළිවෙලින් ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත යන අපේක්ෂකයන් තේරිපත් වූ අතර මනාප ලැයිස්තුවේ හයවැනි ස්ථානය මනාප 40527 ක් ලබාගත් ජගත් ප්‍රියංකරට හිමිවිය.

මේ අනුව, හිස්වූ මංත්‍රී අසුන සදහා පත්වීමට නියමිතව ඇත්තේ ජගත් ප්‍රියංකර මහතා වන නමුත් ඒ මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික නිදහස් පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටීම යම් ව්‍යාකූල තත්වයක් ඇතිකර ඇතිබව සදහන් වේ.

එක්වන්න අපගේ වට්ස් ඇප් ගෲපය සමග
Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *