දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේ අද උදෑසන 8.30ට පමණ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවත්, වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වාර්තා සඳහන් කරයි.

මියගිය පිරිස දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් බවට තොරතුරු වාර්තා වන අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාමාජිකත්වය දැරූ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය රතන හිමි එම ධුරයට පත්වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද වෙඩි වැදීමෙන් මියගිය පිරිස අතර වන බවත් සදහන් ය.

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *