Post Views: 493 ඊයේ (18) රාත්‍රී නාරම්මල පොලීසිය විසින් නාරම්මල නගරය ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරී රථයක් නැවැත්වීමට නියෝග කිරීමේදී ලොරී රියදුරා රථය නොනවත්වා ධාවනය කර ඇත.මෙහිදී වාර්තාවන අන්දමට එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් දම්පැලැස්ස හංදිය අසලදී එය නවත්වා රියදුරුවෙත පිස්තෝලය එල්ල කර වාහනය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව සදහන් කර ඇත. මෙම අවස්ථාවේ දී “අත්වැරදීමකින්” ගිනි අවිය පත්තුවීමෙන් ලොරී රියදුරා මියගොස් ඇත. මෙම අවස්ථාවේදී අසල වෙළදාම් කරමින් සිටි පළතුරු වෙළෙන්දන් විසින් සිදුවීම සිය ජංගම දුරකථන මගින් වීඩීයෝගතකර ඇති අතර එම දර්ශන අනුව අදාල නිළධාරීන් කිසිදු ලෙසකින් පොලිස් නිළධාරීන් බවට හදුනාගත නොහැකිබව පෙනී යයි. වර්තමානයේ බහුලව සිදුවන මංකොල්ලකෑම් නිසාවෙන් ලොරී රියදුරා රථය නොනවත්වා ධාවනය කල බව සැකකල හැකි අතර අහිංසක ජීවිතයක් අහිමිකිරීමට කටයුතු කල නිළධාරීන්ට නීතිය ක්‍රියාත්මක කල පමණින් අගතියට පත් පවුලට සාධාරණයක් ඉටුවේද ? මෙම සිදුවීමට විරෝධය පළ කරමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් නාරම්මල පොලිසිය ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ රැස්වී කළහාකාරී ලෙස හැසිරි ඇති අතර ගේට්ටු කඩා බිඳ දමා පොලීසියේ දේපළවලට ද රැස්වු පිරිස් හානි කර ඇති බවත් වාර්තාවේ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබු අතරවෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි අලවිට ප්‍රදේශයේ පදිංචි වඩුකාර්මිකයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු බව සදහන් වේ. නාරම්මල පොලිස් වෙඩි තැබීම|Narammal police shoot|SMN24 https://t.co/9CB4wPxVLc via @YouTube Join SMN24Media WhatsApp grouphttps://t.co/B6bLdOCiVw— SMN 24 (@smn24lk) January 19, 2024 Join SMN24Media WhatsApp grouphttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation රෝහල් කණිෂ්ඨ සේවක දෙපලකට පහරදුන් චෝදනාවකට විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගනී. ඇටෙන්ඩන්ලාටම ශල්‍යකර්මත් කරගන්න ඉඩදී, කරාපිටියේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සේවයෙන් විශ්‍රාම යන්න ඉල්ලයි.