නීතීවිරෝධී මත්පැන් පෙරන පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගන්නා පොලිස් නිළධාරීන් ගැන සමාජයේ නිරතුරුවම කතාබහට ලක්වන අතර බොහෝවිට මෙම නිළධාරීන්ට අල්ලස් ලබාදෙන්නේ නීතියට පටහැනි ක්‍රියා කරන පුද්ගලයින් නිසාම මේ තත්වය පිටු දැකීම අපහසු වී ඇත.

තත්වය එසේ වුවත් ඉදහිට හෝ එසේ අල්ලස් ඉල්ලන පොලිස් නිළධාරීන් ගැන පැමිණිලි ඉදිරිපත්වන අවස්ථාද නැතුවාම නොවේ.
පසුගියදා නාරම්මල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වන කසිප්පු පෙරීම හා අලෙවිය කරන බවට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ නිවසේ තිබූ නීති විරෝධී මත්පැන් ප්‍රමාණය අඩුවෙන් නඩු පැවරීමට සහ ඉදිරියේදී මත්පැන් ජාවාරම නිදහසේ කරගෙන යාමට ඉඩ ලබාදීම සදහා අල්ලස් ඉල්ලූ බවට පුද්ගලයෙකුගෙන් එවන් පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුනි.

ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් එසේ රුපියල් 10,000/= ක (දහදාහක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලූ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (16) සවස නාරම්මල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දී අදාල මුදල් ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුරකථන අංක
1954
+94 112 596360
+94 767011954
විද්‍යුත් ලිපිනය
ciaboc@eureka.lk

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *