Post Views: 321 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණ දඩුවම් ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටි දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව අනීතික බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ප්‍රකාශ කරන ලදී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් විසින් 2011 වසරේ ඔක්තෝබර් මාසයේ අට වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකට පසු, කොළඹ මහාධිකරණය විසින් දුමින්ද සිල්වාට මරණ දඩුවම නියම කලේ ය. ඒ අනුව වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති පොදු සමාව යටතේ 2021 ජුනි 24 වෙනිදා නිදහස් කෙරිණි. ඉන් අනතුරුව, ජනාධිපති සමාව ප්‍රදානය කරමින් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර , දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකල අතර එම පෙත්සම් ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලදී. එම පෙත්සම් විභාගයෙන් අනතුරුව, ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ අර්ජුන ඔබේසේකර, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවට අනුව, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කරයි. ඒ අනුව දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රදානය කළ සමාව බල ශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරනු ලැබීය. Join SMN24Media WhatsApp grouphttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation ප්‍රධාන පක්ෂ රැසක එකතුවෙන් ජනපති සටනට රනිල්. රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවට විසදුමක් එන දිනය.