Post Views: 322 මෙරට දේශපාලනය තුල ඡන්ද දායකයින්ගේ නිවරදි තීරණය ප්‍රකාශයට පත් කෙරෙන්නේද යන්න විමසිල්ලට ලක්කෙරෙන ආකාරයේ තීරණාත්මක මැතිවරණයක් ඉදිරිකාල සීමාවේදී පැවැත්වෙන බව මේ වන විටදී පෙනී යමින් ඇත. පසුගිය ජනාධිපතිවරණ 4 ක ඉතිහාසය ගැන සලකා බැලීමේදී මෙරට තිබූ බරපතලම හා අභියෝගාත්මක කාලයක් වූ ත්‍රස්තවාදී යුද්ධය පැවති වකවානුවේ 2005 වසරේ පැවති ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයන් දෙපල ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාත් තරග කල අතර එහිදී ඡන්ද 180786 ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනපති ලෙස පත්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් විය. ඉන් අනතුරුව පැවති ජනාධිපතිවරණ තුනකදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැදීසිටි රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරග නොකොට ඒ සදහා 2010 හා 2015 දී පොදු අපේක්ෂකයන් ලෙස සරත් ෆොන්සේකා මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සටනට ඉදිරිපත් කරන ලදී. ඉන් 2015 දී පොදු අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත් අතර ඉන් අනතුරුව 2019 දී පැවති ජනපතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලෙස එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන ලදී. මෙරට දේශපාලනයේ කෘතහස්ත දේශපාලකයෙකු ලෙස තීන්දු තීරණ ගත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අවසනදී එජාප දේශපාලන ඉතිහාසයේ දැවැන්තම පරාජය ලබමින් පාර්ලිමේන්තු ආසන එකකට සිය පක්ෂ නියෝජනය සීමාවූ අවස්ථාවකදීත් උපේක්ෂා සහගතව සිට ගෝඨාභය ජනාධිපතිගේ ආණ්ඩුවට එල්ලවූ ජනතා විරෝධය හමුවේ රටේ අගමැති ධූරය බාරගෙන ඉන් අනතුරුව ගෝඨාභය ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම තුල මෙරට පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගැනුනු පළමු විධායක ජනපති ලෙස පත්විය. දැන් ඉදිරියේදී යලිත් එළඹෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනතා ප්‍රසාදය මැන බැලෙන අවස්ථාවකි. මෙවන් තත්වයක් තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමටද ඉඩ ඇති බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙලේ නායකයන් රටවටා යමින් රැස්වීම් පවත්වන අතරම ප්‍රකාශ කරනුයේ එළඹෙන ජනපතිවරණයකදී තම පක්ෂයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු ඡන්ද ලක්ෂ 100 ක් ලබමින් ජයග්‍රහණය කරනු ඇති බවත් ය. මෙය හුදෙක්ම දේශපාලන පම්පෝරියක් ලෙස සලකා ඉවතලිය නොහැක්කේ වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සහාය මත ජනපති ධූරයට පත්වීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් නිසාත් පොහොට්ටු අමාත්‍ය මංඩලයක් සමග තීරණාත්මක අවස්ථාවකදී රට පාලනය කර යම් ස්ථාවරයකට පැමිණීමට කටයුතු කර තිබීම නිසාත්ය. එවන් තත්වයක් තුල එජාප සභාපති පාර්ලිමේන්තු මංත්‍රී වජිර අබේවර්ධන මහතා සදහන් කරන්නේ ප්‍රබල පක්ෂ කිහිපයක සන්ධානයක් සමග ජනපති සටනට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වන බවයි.(සටහන කමල් සිරිවර්ධන) Post navigation ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු පැසිපික් කලාපිය සහයෝගිතාවයේ 37 වන සැසිවාරය කොළඹ දී. දුමින්ද සිල්වාගේ ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව අහෝසි කරයි.