Post Views: 313 ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු පැසිපික් කලාපිය සහයෝගිතාවයේ 37 වන සැසිවාරය ලබන පෙබරවාරි 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙය ආසියානු හා පැසිපික් කලාපිය රටවල කෘෂිකර්මාන්තය, ධිවර, සෞඛ්‍යය හා පාරිසරික තිරසාරතාවය පිලිබදව ඇතුළු අංශ කීපයක් පිලිබදව රාජ්‍ය මට්ටමින් තීරණ ගන්නා සමුළුවකි. මෙම ක්‍රියාවලියට සමගාමිව පූර්ව සුදානමක් සහිතව කලාපිය සිවිල් සංවිධාන වල සහභාගිත්වයෙන් යෝජනා ලබා ගැනීම සදහා සංවිධානය කරන ජාතික උපදේශන මාලාවන් ගණනාවක්ම ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය මගින් දියත් කරයි.එමගින් රැස්කරගන්නා තොරතුරු මගින් කලාපිය රටවල සිවිල් සංවිධාන මගින් එකාබද්ධ ප්‍රකාශනයක්ද අදාළ රාජ්‍ය සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ක්‍රියාවලියට අදාළ ලංකාවේ සිවිල් සංවිධාන වල උපදේශනය සදහා වන ජාතික එකතුව පසුගියදා (11) කොලඹ දී රැස්විණි.එහිදී ගන්නා ලද තොරතුරු හා තීරණ මාධ්‍යට ප්‍රකාශ කිරීමද මෙහිදී සිදුකරණ ලදී. මෙම අවස්ථාවේදී ,ලෝක ධිවර සම්මේලනයේ මහලේකම් හර්මන් කුමාර මහතා ඇතුළු සිවිල් සංවිධාන කීපයක නායකයන් අදහස් දක්වන ලදී. Post navigation බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකා ඈන් කුමරිය තෙදින නිළ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙයි. ප්‍රධාන පක්ෂ රැසක එකතුවෙන් ජනපති සටනට රනිල්.