ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 75 ක් පිරීම නිමිත්තෙන් රාජකීය ඈන් කුමරියගේ මෙම නිළ සංචාරය සිදු කෙරේ.

අද දහවල් (10) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානාවකින් රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් (Vice Admiral Sir Timothy Laurence) ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපල වෙත සපැමිණෙන ලදී.

රාජකීයයන් පිළිගනිම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇතුළු පිරිසක් විසින් සිදුකල අතර ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් පිළිඹිබු කෙරෙන අලංකාර නර්තනාංග වලින් සමන්විත උත්කර්ෂවත් පිළිගැනිමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල තුල පැවැත්වුණි.

රාජකීය ඈන් කුමරිය සහ පිරිස ජනවාරි 13 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර කොළඹ, මහනුවර සහ යාපනය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබේ. රාජකීය ඈන් කුමරිය, දෙවැනි එලිසබෙත් රැජිනගේ දෙවැනි දරුවා සහ එකම දියණිය මෙන්ම තෙවැනි චාල්ස් රජුගේ සහෝදරිය ද වන්නීය.

මේ අතර දිවයිනට පැමිණි රාජකීය ඈන් කුමරිය අද පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමද සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *