ඉදිරි සතිය තුලදී සමෘද්ධිලාභීන් ලක්ෂ 4 කට ප්‍රථිලාභ අහිමිවීමට නියමිත බව තමන්ට දැනගැනීමට ලැබුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චී මහතා පවසයි.

අද (08) පෙරවරුවේ තලංගම සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මංත්‍රීවරයා මේ බව සදහන් කල අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට අමාරු අවස්ථාවක දී පාලනය බාරගෙන එය මේ වනවිටදී යම් ස්ථාවර තැනකට රැගෙන ඒම සම්බන්ධයෙන් තමාගේ ගෞරවයක් තිබෙන නමුත් ආණ්ඩුවේ සෑම දෙයකටම හොදයි කියන තැනක සිට තමා කටයුතු නොකරන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංත්‍රීවරයා, රජය අමාරු අවස්ථාවකින් රට ගොඩගෙන පවතින ආර්ථික තත්වය මතත් රජයේ සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදුන් බවත් එය අප්‍රේල් මස සිට නොව ජනවාරී අවසානයේ සිට ලබාදෙන ලෙස තමන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා සුබවාදී තත්වයක් ඇති බවත් සදහන් කරන ලදී.

එමෙන්ම, සමෘද්ධි ප්‍රථිලාභීන්ගේ මුදල් තවමත් නොලැබීම සම්බන්ධව තමන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් වෙත කථාකල අවස්ථාවකදී දැන ගනීමට ලැබුනේ මෙවර ඒ සදහා අවශ්‍ය මුදල් මහ භාණ්ඩාගාරයෙන් ලබා නොදෙන බවත් ඒ අනුව සමෘද්ධිලාභීන් ලක්ෂ 4 කට සිය ප්‍රථිලාභ අහිමිවීමට නියමිත බවත්ය.

මැතිවරණයක් ආසන්නේ තබාගෙන රජය මෙසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකල මංත්‍රීවරයා සදහන් කලේ එසේ වුවහොත් එය රජයට ඉතාම අභාග්‍යසම්පන්න ලෙස බලපානු ඇති බවත් ය.

සම්පූර්ණ කථාව පහත සබැදියෙන් බලන්න…

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *