මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ශ්‍රී ලංකා පොලිසියේ තනතුරු සඳහා බඳවා ගැනීමට කටයුතු සිදුකර ඇත.

පොලිස් ක්‍රීඩා කොට්ඨාසය විසින් ඊයේ (06) දින මාලිගාවත්ත, පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ දී සංවිධානය කර තිබූ 39 වන පාපන්දු වැඩමුළුවේදී, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුවට බදවාගත් ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා අදාල පත්වීම් ප්‍රධානය කිරීම සිදු කරන ලදී.

එහිදී, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල ප්‍රගීත් චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර සඳහාද, නුවන් ප්‍රදීප් රොෂාන් ප්‍රනාන්දු, නදීජ අශේන් බංඩාර සහ රැල්ෆ් ප්‍රියමාල් පෙරේරා යන ක්‍රීඩකයින් පොලිස් පරීක්ෂක තනතුරු සඳහාද, පළමු පෙළ ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වී අති විශිෂ්ඨ දක්ෂතා දක්වන ලද නලීන් ප්‍රියදර්ශන, විශාඩ් රන්දික ද සිල්වා, හේෂාන් ධනුෂ්ක ප්‍රනාන්දු, සුපුන් මධුසංඛ සහ නදීර මධුසංඛ යන ක්‍රීඩකයින් උප පොලිස් පරීක්ෂක තනතුරු සඳහාද බඳවා ගනු ලැබීය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යශයේ ලේකම් වියානි ගුණතිලක, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය, ජාතික තරුණ සේවා සභාපති පසිදු ගුණරත්න, ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ වෛද්‍ය බුද්ධික ලොකුගමගේ, කොළඹ මහනගර සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ කේ.කේ පත්මසිරි, ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ ක්‍රීඩා නිලධාරී චන්දන පෙරේරා සහ අතිරේක මත්ද්‍රව්‍ය උපදේශක ලලිත් රෝහණ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *