කොවිඩ් එන්නත ලබාගෙන කලක් ගතවීමෙන් පසු විවිධ රෝගාබාධ වැළඳුණු බවට සමාජයේ දැඩි කතාබහක් පවතින අතර මේ සම්බන්ධයෙන් වරින් වර විවිධ මත සමාජ ගතවෙමින් පවතී.
මේ පිළිබදව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ විවිධ පාර්ශ්ව සිදුකරන එවැනි ප්‍රකාශවල විද්‍යාත්මකව තහවුරු කළ හැකි සත්‍යතාවයක් නොමැති බවය. 

මේ අතර සරම්ප එන්නත් ලබාගැනීමට සුදුසුකම් සපුරා නොමැති වයස් කාණ්ඩය වන මාස 09 ට අඩු දරුවන් අතර එම රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ රෝගීන්ගෙන් සියයට 33 ක් මිත්‍යා විශ්වාස මත සරම්ප එන්නත ලබා නොගන්නා වයස් කාණ්ඩවලට අයත් වුවන් බවය.

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *