ස්කූටි වර්ගයේ යතුරු පැදියක පිටුපස එකොළොස් හැවිරිදි ගැහැණු දරුවෙකු ද රැගෙන යමින් ඉතා රහසිගතව ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය විකුණනූ පාදුක්ක, ගනේගොඩ, ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (45 වියැති) කුඩු ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 180 ක බරකින් යුත් පැකට් 40 ක් සමග ඉංගිරිය ඌරුගලදි අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

මෙම කාන්තාව විසින් ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ පදිංචි අයෙකුට මෙම මත්ද්‍රව්‍ය රුගෙනවිත් භාර දෙන අතර ඔහු ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකු එම කුඩු පැකට් මුදල් ගෙවූ පුද්ගලයන්ට ලබා දෙන බවත් මෙම කාන්තාවගේ සැමියාද හෙරොයින් ලග තබාගැනීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින බවත් පොලිසිය පවසයි.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම් සිදුකර ඇත. සැකකාරිය සන්තකයේ තිබී ජංගම දුරකථන 8, ලක්ෂ 1.5 මුදලක්ද සොයාගෙන ඇත. මේ වන විට කාන්තාව ඇතුළු තිදෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (02) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *