නාසා ආයතනයේ Commercial Crew Program (CCP) විසින් සංවිධානය කරන ලද වාර්ෂික Children’s Calendar Art Work Contest චිත්‍ර තරඟාවලියේ Living and Working in Space මාතෘකාව යටතේ වයස අවුරුදු 4-6 කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දහම් ලෝෂිත ප්‍රේමරත්න පුංචි පුතණුවන් සමත් වී ඇත.

අනුරාධපුර, තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දහම් මේ වන විටදී විවිධ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, වාර්ෂිකව නාසා ආයතනය මගින් සංවිධානය කරන මෙම චිත්‍ර තරගය සදහාද සිය නිර්මාණයක් ඉදිරිපත් කර ඇත.

අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම (Living & Working in the Space) තේමාව යටතේ එසේ ඉදිරිපත් කල චිත්‍රයට ඔහු අයත් වයස් කාණ්ඩයේ පළමු ස්ථානය ලැබී ඇති අතර ඒ අනුව 2024 වසරේ නාසා ආයතනය මගින් පල කරන දින දසුනේ ජූලි මස පිටුව සදහා එම චිත්‍රය යොදා ගනු ලබන බව නාසා ආයතනය දන්වා ඇත.

නාසා ආයතනයේ වෙබ් අඩවියට අනුව දහම් අයත් වයස් කාණ්ඩයේ තරග ප්‍රථිපල මෙසේය.
1st – Living & Working in the Space, Premarathna, D.L., Sri Lanka
2nd – Outer Space Colonization, Mohapatra, A., India
3rd – Take a Photo in Space, Wu, D., USA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *