රටක් හැටියට අප අද මේ තත්ත්වයෙන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්ත නිසා බවත්, මේ මොහොතේ රට යම් ස්ථාවරයකට පත් වී ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙයි. ඒ මහතා මේ බව සදහන් කලේ, අද (28) සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව මගින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස දැක්වූ සමන් රත්නප්‍රිය මහතා,
අද වන විට රටක් විදියට අපි ඉස්සරට යනවා. පසුගියදා අපේ රටේ නත්තල හොඳින් සැමරුවා. දැන් අලුත් අවුරුද්දට මිනිස්සු ලෑස්ති වෙනවා. ඒ තත්ත්වය රටේ සමරන්න පුළුවන් වුනේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්ත නිසා.
අපේ රටේ ආර්ථිකය දැන් හුස්ම ගනිමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්න කොට ආර්ථිකය ඍණ වෙලා තිබුණේ. නමුත්, අද ආර්ථික කළමනාකරණය පැහැදිලිව සිද්ධ වෙනවා. බඩු මිල වැඩියි කියලා විපක්ෂය ඇගිල්ල දික් කරනවා. ජනතාවට යම් යම් අපහසුකම් තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. මේකට හේතුව වෙලා තියෙන්නේ රටේ ජනතාවට ආර්ථික අර්බුදයක් ආවාම සමහර ව්‍යාපාරිකයෝ මේක වවාගෙන කෑවා. එයාලා රට ගැන හිතන්නෙ නෑ. තමන් ගැන පමනයි හිතන්නේ. ඒ නිසා තමයි බිත්තර මිල ඉහළ ගියේ. කුකුල් මස් මිල ඉහල ගියේ.

අපේ රටේ හදන නිෂ්පාදන යම් පාලන මිලක් තිබිය යුතුයි. අස්වැන්න හංගලා මිල වැඩි කරන්න හදනවා නම් ඒක සාධාරණ නෑ. දැන් අපිට අපිට බෙහෙත් ගේන එක, ගෑස් ගේන එක, තෙල් ගේන එක ගැන බයක් නෑ.
ලෝකය පුරා දැන් අලුත් කොවිඩ් ප්‍රභේදයක් ඇවිල්ල තියෙනව. ඉන්දියාවෙන් රෝගීන් හමුවෙලා තියෙනවා. අපේ රටේ කොවිඩ් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ දෙගුණ කරලා තිබෙනවා. ‍මේ සම්බන්ධයෙන් බොරු බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නේ. බස්නාහිර පලාතේ ඩෙංගු රෝගීන් වැඩිවෙලා. රෝග මර්ධනය කිරීමේදී ජනතාවටත් මේ ගැන වගකීමක් තියෙනවා. යනුවෙන් පැවසීය.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ නායකයින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වූහ.

https://smn24news.blogspot.com/2023/12/blog-post_38.html

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *