Post Views: 405 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල මහතා ද, සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් පත් කර ඇත. විනිසුරු නීල් පී ඉද්දවෙල මහතා නුවර පිළිමතලාවේ සුප්‍රසිද්ධ ඉද්දවෙල පරපුරෙන් පැවත එන්නෙකු වන අතර කුරුණෑගල මලියදේව විදුහලේ ආදි සිසුවෙකි. ඒ මහතා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස සේවය කර ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මේ වනවිටදී කටයුතු කරනු ලබයි. එමෙන් ම කොමිෂන් සභාවේ අනිකුත් සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කරන අතර, බර්නාඩ් රාජපක්ෂ මහතා මහජන බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කර ඇත. President Ranil Wickremesinghe has appointed Hon. Justice W. M. N. P. Iddawala as the Chairman of the Commission to Investigate Allegations of Bribery or Corruption & Mr. Chethiya Goonesekera & Mr. K. Bernard Rajapakse as the other members with effect from 01st January 2024 Post navigation Progress Review Press Conference of Russian Embassy in Sri Lanka. අද රට මේ තත්වයෙන් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිසා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය කියයි.