ICIJ හෙවත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමය විසින් පසුගියදා වාර්තාවක් පල කරමින් සදහන් කලේ මෙරට මහජන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කරන ටිරාන් අලස් මහතා එක්සත් රාජධානියේ නිවාස දෙකක හිමිකාරීත්වය ඇති බවත්, ඒවා ඔහු සතු (BVI) බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් ව්‍යාපාර ආයතන දෙකක් හරහා ලබාගෙන ඇති බවත් ය.

අදාල වාර්තාව සදහන් කරන පරිදි මෙරට පළමු වරට පැන්ඩෝරා පේපර්ස් (Pandora Papers) මගින් හෙලිදරව් කර ඇති ක්‍රියාකාරී පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු ලෙස අලස් මහතාගේ නම සැලකිය හැකි අතර, එයට අනුව මාධ්‍ය අධිපතියෙකු සහ දේශපාලනඥයෙකු වන අලස් මහතා සතු බ්‍රොම්ප්ටන් ප්‍රොපර්ටීස් ලිමිටඩ් විසින් 2006 දී ඩොලර් 960,000 කට පමණ ලන්ඩනයේ ධනවත් ප්‍රදේශයක මහල් නිවාසයක් මිල දී ගෙන ඇති බවත් පැවසේ. එහි වත්මන් වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 300 ක් පමණ වන බවත් සදහන් ය.

Pandora Papers යනු රටවල් 200 කට වැඩි ගණනක දේශපාලනඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයන්, ව්‍යාපාරිකයන් සහ අපරාධකරුවන්ගේ මූල්‍ය ගනුදෙනු සහ සැඟවුණු වත්කම් හෙළිදරව් කරමින් සමාජ ගතවූ ගෝලීය විමර්ශණයක තොරතුරු සමුදායකි.

මෙම ICIJ වාර්තාවට අනුව, අලස් මහතාගේ දෙවන BVI සමාගම වන බැන්හැම් වෙන්චර්ස් ලිමිටඩ්, 2008 සිට ඉහල පැලන්තියේ පිරිස් වාසය කරන චෙල්සි නගරයේ දේපලක් හිමි කර ගෙන ඇති අතර එහි මිළ ගණන් පවා සදහන් කර නොමැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අලස් මහතාගේ පාර්ශවයෙන් අදහස් දැක්වීමට ICIJ උත්සහා දරා ඇතත් එයට ප්‍රතිචාර දක්වා නොමැති බවත් සදහන් වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින්, එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා සදහන් කලේ මේ සම්බන්ධයෙන් රජය වහාම පරීක්ෂණයක් කලයුතු බවයි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමය (ICIJ) වාර්තාවේ සබැදිය..
https://www.icij.org/investigations/pandora-papers/sri-lankan-public-security-minister-used-shell-companies-to-own-london-flats/

https://smn24news.blogspot.com/2023/12/icij.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *