Post Views: 254 මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවට සිදු කරන හානියක් බව ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (16) පෙරවරුවේ එක්වෙමිනි. දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.ජාතියටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 98 වන විසිරයාමේ පෙළපාලිය මෙය වන අතර පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් 274 දෙනෙකු අධිකාරියට පත් කිරීම අද දින සිදු කෙරිණි. විදේශ රටවල කැඩෙට් නිලධාරීන් 06 දෙනෙකුද පුහුණුව ලබා අධිකාරියට පත්වීම ද මෙහිදී සිදුවිය. කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කිරීමට සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වු අතර දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.වර්ෂ 1972 ඔක්තෝබර් 14 වන දින එකළ යුද්ධ පුහුණු මධ්‍යස්ථානය ලෙස නම් දැරූ මෙම විද්‍යා පීඨය වෙත, සිදු කරනු ලබන අනගිභවනීය සහ ප්‍රශංසාත්මක සේවය උදෙසා ප්‍රථම වරට ජනාධිපති වර්ණ පිළිගැන්වීම එවකට ජනාධිපතිව සිටි විලියම් ගොපල්ලව මහතා විසින් සිදු කරන ලදී. එසේම 1997 ජූනි මස 20 වන දින එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් එම ජනාධිපති වර්ණයන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය වෙත ප්‍රතිප්‍රදානය හා නව විද්‍යාපීඨ වර්ණ ප්‍රදානය කිරීම සිදු කරන ලදී. ඉන් වසර 25කට පසුව වර්ණයන් දෙවන වරට ප්‍රතිප්‍රදානය හෙවත් පුනර් ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද දින සිදු කෙරිණි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් තුෂාර මහලේකම් යන මහත්වරුන් ද, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ විසිර ගිය කැඩෙට් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.ඔබ තවමත් අපගේ අනිකුත් සමාජ මාධ්‍යජාල සමග එක්ව නොමැතිද ?මෙන්න අපගේ සමාජ මාධ්‍යජාල සබැදි….https://www.smn24.lkhttps://smn24news.blogspot.comhttps://www.youtube.com/@smn24https://facebook.com/smn24newshttps://twitter.com/smn24lkhttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation යුධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙකු පත් කෙරේ. අධිකරණ අමාත්‍යාංශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත තරුණ ප්‍රජාව වෙනුවෙන් විශේෂ වැඩ සටහනක්.