Post Views: 187 මාස 2 කට අධික කාලයක් පුරප්පාඩුව තිබූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සදහා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජනරාල් හරීන්ද්‍ර පීරිස් පත් කර ඇත. අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති මෙම පත්වීම මගින් මෙතෙක් දිනක් යුධ හමුදාව තුල තිබූ ප්‍රධානතම පරිපාලන තනතුරේ හිඩස සම්පූර්ණ වේ. මෙයට පෙර මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල මේජර් ජනරාල් සංජය වනසිංහ මහතා පසුගිය ඔක්තෝම්බර් මස 13 දින සිට විශ්‍රාම ගත් අතර එදින සිට මේ දක්වා එම ධූරය හිස්ව පැවතුනි. 1969 ජුනි 06 දින උපන් හරේන්ද්‍ර පීරීස් මහතා, පානදුර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර 1988 වසරේ ජූලි 26 දින පාඨමාලා අංක 30 යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවට ඇතුලත්ව ඇත. අනතුරුව, දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1990 ජූනි 09 වැනි දින දෙවැනි ලුතිනන් නිලයෙන් අධිකාරියට පත් ව ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුව වෙත ඇතුලත්ව හමුදා සේවයට එක්වන ලදී. මේජර් ජනරාල් හරීන්ද්‍ර පීරිස් මහතා නව තනතුරට පත්වීමට පෙර ආරක්ෂක සේනා අඥාපති බටහිර ලෙස රාජකාරී කරන ලදී. මෙයට අමතරව ඔහු හමුදා බුද්ධි බළකායේ බලකාධිපති ද වේ. Major General W.H.K.S Peiris Appointed as New Chief of Staff Major General W.H.K.S Peiris RWP RSP VSV USP ndu of Gajaba Regiment has been appointed as the new Chief of Staff of the Sri Lanka Army with effect from 16 December 2023. Prior to his new appointment, he has been serving as the Commander, Security Forces – West. Post navigation பல்கலைக்கழகங்களில் மானிடவியல் துறையில் பல்வேறு சீர்திருத்தங்கள் மேற்கொள்ளப்படும்உயர் கல்வி இராஜாங்க அமைச்சர் சுரேன் ராகவன் දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්.