Post Views: 230 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනු ලබන, වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (11) සවස ඇති වූ නොසංසුන් තත්ත්වයක් හේතුවෙන් එහි රැදවියන් 50 ක් පමණ ඉන් පළා ගොස් ඇත. පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ රැඳවූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා ඔවුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ. තත්වය පාලනය කිරීම සදහා යුධ හමුදාව හා පොලිසිය එක්ව කටයුතු කර ඇති අතර පලාගිය පිරිසෙන් 23 දෙනෙකු පොලීසිය වෙත බාරවී ඇති අතර අනිකුත් පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කරයි.අපගේ WhatsApp group සමග එක්වන්නhttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation රටේ ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලු විදේශ රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගන්නවා – විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි The graduation ceremony of NSBM Green University was held under the patronage of President Wickremesinghe.