මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදුවු බවට චෝදනා කරමින් පුද්ගලයෙකු කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහලය මත නැගී විරෝධතාවක නිරත වේ.
අධිකරණ සංකීර්ණයේ විරෝධතාවක නිරතව සිටි අදාළ පුද්ගලයා පසුව අධිකරණයෙහි වහලය මත නැගී විරෝධතාවයේ නිරත වී ඇත.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් තමන්ට මැල්සිරිපුර පොලීසිය විසින් නීති විරෝධීව නඩුවක් ගොනුකර ඇති බව අදාළ පුද්ගලයා පෙන්වාදෙයි. තමන් අදාළ චෝදනාවට වරදකරුවෙකු නොවන බවත් එවැනි චෝදනාවක් තමන්ට එල්ල කිරීම අසාධාරණ බවත් ඔහු පවසා තිබේ.

55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අධිකරණය මත වහලය මත නැග ඇති අතර ඔහු වහලයෙන් බස්සවා ගැනීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ පොලීසිය මහත් පරිශ්‍රමයක් ගෙන ඇති බව සඳහන්ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *