රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (17) පෙරවරුවේ එප්පාවල පිහිටි ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එහිදී සමාගමේ විධායක නිළධාරීන්ට ඇමතිවරයා දොස් පැවරූ අවස්ථාවේදී නොසන්සුන් තත්වයක් ඇතිවිය.

ආයතනයේ ගැටලුකාරී ගනුදෙනු කිහිපයක් පිළිබඳව විමසීමක් සිදුකළ අවස්ථාවේදී මම තත්වය ඇතිවූ අතර රජයේ මුදල් වැයකර කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි යන්ත්‍ර කොටස් කිහිපයක් ගෙන්වීම සම්බන්ධව විධායක නිළධාරියෙකුට චෝදනාකල රාජ්‍ය ඇමතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරියට පැවසුවේ ඔහුව වහාම ඉවත්කර දමන ලෙසයි.

මෙහිදී, අදාල නිළධාරියාද තම නිර්දෝෂීබව පෙන්වමින් වචන හුවමාරුවක නිරතවූ අවස්ථාවේදී තත්වය උත්සන්න වී අදාළ විධායක නිලධාරියාට සේවකයින් අමාත්‍යවරයා ඉදිරියේදීම පහරදීමට උත්සාහ කළ අතර එය ව්‍යර්ථ වූයේ පොලීසියේ මැදිහත්වීමෙනි.

පසුව නිළධාරියා මේ සම්බන්ධව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *