Post Views: 334 ඇල්පිටිය විහාරමහාදේවී පිරිවෙන් ශාලාවේ පැවති මාධ්‍ය හමුවක් ආවරණයට ගිය මාධ්‍යවේදී ඩී ජේ විජේසිංහ මහතා හට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම විසින් බැන තර්ජනය කිරීමේ පුවතක් වාර්තාවේ. නෙත් නිව්ස් හී ඇල්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදි ලෙසට ද කටයුතු කරන විජේසිංහ මහතා හට එම මාධ්‍ය හමුව ආවරණය නොකර එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට සදහන් කරමින් බලපෑම් කල මෙම ප්‍රාදේශීය සභා සභාපති විසින් මෙයට පෙරද කිහිප වතාවක් තමන්ට මාධ්‍ය කටයුතු වලදී බාධාකරමින් තමන්ට බැන වැදීම් කර ඇති බවත් විජේසිංහ මහතා සදහන් කරයි. තමන් මාධ්‍ය ආවරණ කටයුතු සදහා යන සෑම විටකම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත්කර ඇති මාධ්‍ය හැදුනුම්පත නිසි ලෙස ප්‍රදර්ශනය කර අදාල කටයුතු වල නිරත වන බවත් කිසිදු සාධාරණ හේතුවකින් තොරව තම වෘත්තීය කටයුතු වලට සිදුකරන මෙම බාධාව ගැන බළධාරීන් වහාම සුදුසු ක්‍රියාමාර්ගයක් ගතයුතු බවත් පෙන්වාදෙන විජේසිංහ මහතා තමන් මේ පිළිබදව ඇල්පිටිය පොලීස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇති බවත් ඒ සම්බන්ධව විමර්ෂණයක් සිදුකිරීමට නියමිතව ඇති බවද පැවසීය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුන නියෝජනය කරමින් සභාපති ධූරයට පත්වූ අයෙකු වන අතර මේ සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගනු ලැබේදැයි දැනගැනීමට පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගෙන් අප විමසීමක් කිරීමට උත්සහා කලද ඇමතුම් සදහා පිළිතුරු නොදීම නිසා එය ව්‍යාර්ථ විය. Post navigation උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටස විවෘත කෙරේ. New plastic recycling center opens in Kaduwela